(ඩී.ජී.සුගතපාල)
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා ඇතුලු සැකකරුවන් 17දෙනා තවදුරටත් ලබන මස 8 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25)නියෝග කළේය.
මෙසේ තව දුරටත් රිමාන්ඩ් කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවෝ දාහත් දෙනාවෙති.
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් එවකට දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි රවි විජේගුණවර්ධන මහතා දින පසුගිය 19වන දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට කැඳවා ප්‍රකාශයක් ලබාගත් බවත් රජයේ රස පරික්ෂකවරයා වෙත යවන ලද භාණ්ඩ සම්බන්ධයෙන් තවම වාර්තා ලැබී නොමැති බවත් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු වන මනොර නමැත්තා අත්අඩංගුවට ගැනීමට සිටින බවත් කියා සිටියේය.
එයට අමතරව 2සහ 3 සැකකරුවන් හැර අනෙක් සැකකරුවන් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත්‍ර දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කියා සිටියේය.
2025 නොවැම්බර් මස 21
183
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1131
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්