IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

(ඩී.ජී.සුගතපාල)

ඇප නියම කරන ලෙස ඉල්ලා රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ   සැකකරුවන් 17 දෙනාගෙන් 15 දෙනෙකු ඉදිරිපත් කර තිබූ ඇප අයදුම් පත් සලකා බැලු දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසරු ඩබිලිව්. පී. එස්. නිස්සංක මහතා  ඇප ලබාදීම අද (15) ප්‍රතික්ෂේප කළේය.

දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා, දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරීක්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් උපුල් රංජිත්, උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.විමලසිරි, උප පොලිස් පරීක්ෂක ජී.කේ.විමලරත්න, සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම, කොස්තාපල් බී.ඒ.ආර්.අසංක, පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න , වලස්මුල්ල අඩවි වන නිලධාරී ආර්.එස්.සුවාරිස්, වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද කොස්තාපල් අනිල් කුමාර, කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන් පහළොස් දෙනා මෙසෙ ඇප අයදුම් පත් ඉදිරිපත් කර තිබිණ.

රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි අසේල මංජුල කුමාර සහ රසික චින්තක නැමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනි දින  පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරඇත.

ඇප ඉල්ලිම් ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ මෙහිදී සියලු දෙනා එකම කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ ඇති අතර ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩ තිබෙන බවය.

අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලීමට හැකි බවත් ඒ සඳහා අවශ්‍ය නම් නියෝගයේ පිටපත් පෙත්සම්කරුවන්ට ලබාදෙන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ ඒ.පි.ජී.සරත්චන්ද්‍ර,පේමරත්න තිරාණගම,ඇතුලු නීතිඥවරු පිරිසක් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධි නීතිඥ පත්මාල් වීරසිංහද සිල්වා මහතා සහ ලක්මිණි ගිරිහාගම මහත්මිය පෙනී සිටියහ.



අදහස් (0)

රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 221 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 972 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site