(රංජිත් රාජපක්ෂ)
වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් වත්මන් රජය යටතේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඉන්දියානු හා ශ්‍රි ලංකා රජයේ රුපියල් මිලියන 175 වියදමින් බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ ඉදි කළ වතු නිවාස 155 ක් අද (24) වතු කම්කරු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවකදීය.
වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.
‘‘රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට තිබෙන අයිතිවාසිකම් වතුකරයේ ජනතාවටත් ලබාදීමට එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර ඇති බවයි.
බගවන්තලාව ප්‍රදේශයේ මැණික් කර්මාන්තය දියුණු කිරීමටත් සංචරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසිය.
වතුකරයේ ජනාතව වෙනුවෙන් ඉදිවන නව නිවාස යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාවට නැංවීම වත්මන් රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
මෙම නිවාස යෝජනා ක්‍රමය වතු කම්කරු අයිතියට පත් කිරීමේ අවස්ථාවට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් ,ශ්‍රි ලංකා ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින් සන්ධු මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
355
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රටේ අනිත් ප්‍රදේශවල අයගේ අයිතිවාසිකම් වතුකරයටත් දෙනවා