(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 21 දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙසටත් ආපන ශාලා සහ ගොඩනැගිලි පහසුකම් සලස්සවන ලෙසටත් එම විශ්ව විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අද (04)දිනට දින 14 ක් ගතව තිබේ.
එහෙත් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පාලන අධිකාරිය මුනිවත රකිමින් සිටින බව එම විශ්ව විද්‍යාලයේ සිසුහු පවසති.
මේ සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් ප්‍රේමලාල් සිසුවා මෙසේ පැවසිය.
දේශපාලන ඔනැ එපාකම් අනුව රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 21 දෙනා ගේ පංති තහනම් කරලා අදට දින 141 ක් වෙනවා.
සත්‍යග්‍රහයට දින 14 ක් ගත වෙනවා.එහෙත් විශ්ව විද්‍යාලයේ බලධාරිහු නිහඩව සිටිනවා.රජරට විශ්ව විද්‍යාලයේ ආපනශාලා පහසුකම් නැහැ.ගොඩනැගිලි ඉඩකඩ නැහැ.තාක්ෂණ අංශයට ගොඩනැගිලි නැහැ.අපේ ඉල්ලිම මේ පහසුකම් සලස්වා දෙන්න කියලයි.
මේ සියල්ල ඉටුවන තෙක් සත්‍යග්‍රහයේ නොකඩවා නිරත වන බවද ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මෙහිදි පැවසිය.‘

2025 නොවැම්බර් මස 21
125
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
205
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1069
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රජරට සිසු සත්‍යග්‍රහය දිගටම