රංජන් කස්තුරි
රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නතර කළ අතර හෙට (26) සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු සිදුකරන බව රජරට වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයේ ලේකම් වෛද්‍ය අසන්ත ජයවර්ධ මහතා පැවසීය.
ඒ අනුව වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ගේ විභාග හෙට සිට ආරම්භ කෙරෙන බවද ඔහු කීය.
රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ඉකුත්දා (23) අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ පැවැත්වු සාකච්ඡා සාර්ථක වු හෙයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හැරිය බවද වෛද්‍ය ජයවර්ධන මහතා පැවසීය.
රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ නොවැම්බර් මස වැටුප නතර කර තිබු අතර එය හෙට (26) ලබාදීමටත් සැප්තැම්බර් මාසයේ සිට රඳවා ගැනීමේ දීමනාව ලබා දීමටත් ඇමැතිවරයා පොරොන්දු වූ බවද හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ අකුරට වැඩ කිරිම නවතී