IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රජයේ පාසල්වල අධ්‍යාපනය ඉතා විශිෂ්ට බව විභාග ප්‍රතිඵලවලින් පැහැදිලියි

චමිල් රුපසිංහ
 
රජයේ පාසල්වල අධ්‍යාපනය නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති මත ක්‍රියාත්මකව, ඉතා විශිෂ්ට තත්ත්වයක පවතින බවත් විභාග ප්‍රතිඵලවලින් එය මනාව පැහැදිලි වන බවත්, ඒ සඳහා කැපවී ක්‍රියා කරන සමස්ත ගුරුවරුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


මහනුවර පොල්ගොල්ල ආදර්ශ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල සහ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයට සහභාගී වෙමින් අද (7) ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 


මෙරට ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයේ උසස් බව හේතුවෙන් මෙරටෙහි ලෝකය ජයගත් විද්වතුන් රැසක් බිහිව සිටින බවත්, ඒ සඳහා කැපවී ක්‍රියා කළ ගුරු මෑණිවරු හා පියවරු අමතක නොකළ යුතු බවත්, ලෝක ළමා දිනයත් ලෝක ගුරු දිනයත් සමරන දිනයක පහේ  ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කළේ ළමයින් හා වැඩිහිටියන් යන දෙපිරිසම පිළිබඳව කතාබහ කළ යුතු නිසා බවත් පැවසීය.


එය රජයේ  පාසලක් නොවෙයි. පෞද්ගලික පාසලක් වන එහි දරුවන් ඉතා හොඳින් පුහුණු වීම් කරලා තමයි මේ උත්සවයට සහභාගි වෙලා තිබුණේ. හමුදා අනුඛණ්ඩයක් මෙන්  ආචාර පෙළපාළියේ ඔවුන් ගමන් කළා. මාගේ අවධානය යොමු වූ අනිත් පාසලේ නම මම මේ වෙලාවේ හෙළි කරන්නේ නැහැ. කිසිදු පුහුණුවක් නොමැතිව ඔවුන් පෙළපාළියේ ගමන් කළ බව පැහැදිලිව පෙනෙන්න තිබුණා. මෙම ආචාර පෙළපාළිය මගින්  රජයේ පාසල් හා පෞද්ගලික පාසල්වල වෙනස පෙන්නුම් කළා.


මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, පළාත් සභා මන්ත්‍රී සුනිල් අමරතුංග, පොල්ගොල්ල ආදර්ශ විදුහලේ විදුහල්පති දේශප්‍රිය රත්නායක යන මහත්වරු සහභාගි වූහ.



අදහස් (0)

රජයේ පාසල්වල අධ්‍යාපනය ඉතා විශිෂ්ට බව විභාග ප්‍රතිඵලවලින් පැහැදිලියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site