IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රංජන්ට විරෝධය පා බණ්ඩාරවෙල පොලිසියට පැමිණිල්ලක්

( ඩී.කේ.රත්න )

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට විරෝධය දක්වමින් බණ්ඩාරවෙල කහත්තේවෙල ශ‍්‍රී අශෝකාරාම විහාරාධිපති බෙරලිහෙල බුද්ධිනන්ද හිමියන් හා ඌව පළාත් සභා මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (16) බණ්ඩාරවෙල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

රාජ්‍ය අමාත්‍ය රංජන්  රාමනායක මහතා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අගෞරව හා අපහාස වන අයුරින් ප‍්‍රකාශ නිකුත් කිරීම නිසා ඒ මහතා එම ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගනිමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගතයුතු බව පවසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඉතා ඉක්මණින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගනිමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගතයුතු බවයි.

එසේ නොවන්නේ නම් මහා සංඝයා හා බෞද්ධ ජනතාව සමඟ රාජ්‍ය අමාත්‍ය රංජන්  රාමනායක මහතාට විරෝධය පා බදුල්ල නගරයේ සිට කොළඹ දක්වා දැවන්ත පාගමනක් පැවත්වීමට කටයුතු කරන බව  බණ්ඩාරවෙල කහත්තේවෙල ශ‍්‍රී අශෝකාරාම විහාරාධිපති බෙරලිහෙල බුද්ධිනන්ද හිමියෝ හා ඌව පළාත් සභා මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසූහ.



අදහස් (0)

රංජන්ට විරෝධය පා බණ්ඩාරවෙල පොලිසියට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site