IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රාජිතට එරෙහිව ගාල්ලේත් විරෝධතා

(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතාවයක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී අද (14)  පැවැත්විණි.

කරාපිටිය, බලපිටිය, ඇල්පිටිය සහ උඩුගම යන රෝහල්වල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශික්ෂණ රෝහල් ශාඛාවේ සම ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා මෙසේ පැවසීය.   

"අද වන විට සෞඛ්‍ය ඇමැතිවරයාගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් මුළු නිදහස් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයටම කඩා හැලෙන තත්වයකට පත්වෙලා. බාල ඖෂධ රෝගීනට ලබාදීම තුළින් ජනතාවගේ රජයේ සෞඛ්‍ය සේවාව සඳහා තිබූ  විශ්වාසය පළුදුවෙලා. ඒ මදිවට නෙවිල් ප‍්‍රනාන්දුගේ රෝහලට රුපියල් බිලියන 5 ක් ලබාදීලා.

මේ නිසා අපි කියන්නේ මෙම කරුණු ගැන නීතිය ක‍්‍රියාත්මක කර මෙම සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න කියලා. රාජිත සේනාරත්න කියන්නේ මෙතෙක් ශ‍්‍රී ලංකාවේ සිටි දූෂිතම සෞඛ්‍ය ඇමැති කියල හඳුන්වන්න පුළුවන්."

 



අදහස් (0)

රාජිතට එරෙහිව ගාල්ලේත් විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site