(හිඟුරානේ -නවරත්න සමරතුංග)
දින කීපයක් තිස්සේ මිනිසුන්ට පීඩාකාරී ලෙස ගැවසුන අලියෙකු හදිසියේ රෝගී වෙමින් අද (23) අම්පාර නවගිරියාව වැව් තාවුල්ල අසල කුඹුරක මියගොස් ඇති බව අම්පාර වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මියගොස් ඇත්තේ අඩි අටක් පමණ වූ වයස අවුරදු 25ත් 30ත් අතර පිරිමි සතෙකි.
සිද්ධිවූ දින රාත්‍රී රජගලතැන්න ග්‍රාමීය පෙදෙසට වල් අලි රංචුවක් කඩාවැදී ඇති අතර වෙඩිදමා එම අලින් පලවාහැරීමට වනජීවී නිලධාරීන් හා ගම්වාසීන් කටයුතු කර ඇත.
එහිදී ගමන් කිරීමේ අපහසුතාවයකින් පසුවූ මෙම අලියා මගහැරී ගොස් ඇති අතර ඒගැන ගම්වාසීහූ උදෑසන සෝදිසි කරන විට මෙසේ කුඹුරු ලියද්දක මියගෙස් සිටි බව කියති.
ඇදවැටී සිටි අලියාගේ සිරුරේ තුවාල කිසිවක් දක්නට නොමැති බවත් මෙම අලියා දින කීපයක් තිස්සේ ප්‍රදේශවාසීන් පසුපස පන්නා ඇති බව දැන ගන්නට ඇති බවත් වනජීවී නිලධාරීහු පවසති.
සිද්ධිය සම්බන්ධව අම්පාර අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර අම්පාර වනජීවී පශුවෛද්‍ය සෞඛ්‍ය කළමණාකරන ඒකකයේ පශුවෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්පකුමාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත විය.
අම්පාර වනජීවී කාර්යාලය සහ ගලපිටගල බීට්ටු කාර්යාලය පරීක්ෂණ පවත්වයි.


(ඡායාරූප - හිඟුරානේ -නවරත්න සමරතුංග)


(ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල)
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රජගලතැන්නේ වන අලියෙකු මරුට