රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ රජයේ ප්‍රබල ඇමති වරයකුගේ හිටපු සම්බන්ධිකරණ ලේකම් වරයෙකු අද (02) බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කිරීමට මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබුවේ ජයන්ත කලංසුරිය නමැති අයෙකි.
ඔහු ගල්ල දකුණු පෙදෙසේ සිටින ප්‍රබලම කැබිනට් අමාත්‍ය වරයකුගේ සම්බන්ධිකරණ ලේකම් වරයකු ලෙස කටයුතු කර වකවානුවේ දී එක් අයකුගෙන් රුපියල් 150000 ක් බැගින් දෙදෙනකුගෙන් මුදල් ලබාගෙන රැකියා ලබා නොදී මුදල් වංචා කළ බවට චෝදනා චෝදනා ගොනු කර තිබේ.
සැකකරැ වෙනුවෙන් නීතිඥ මාපලගම විමලරත්න මහතා පෙනී සිටි අතර බද්දේගම පොලිසියේ නිලදාරින් පැමිනිල්ල මෙහෙයවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd