(මනෝජ් හර්ෂික)
මෙවර යල කන්නයේ නෙළා ගත් අස්වැන්න ශ්‍රී දළදා මාළිගාව වෙත පූජා කිරීමේ සිරි දළදා යල් අස්වනු මංගල්‍යය හෙට (2) සහ අනිද්දා (3) යන දිනවලදී මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා පසුව අලුත් සහල් ධාන්‍ය සහ රන් කරල් රැගත් පෙරහැරෙන් පැමිණ දළදා සමිදුන් ඉදිරියේ දී සෙත් පිරිත් සඡ්ජායනය මැද අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
යල අස්වනු පූජාව සිව්වන වරටත් පවත්වන අතර ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය ඇතුළු තවත් අංශ එක්ව අස්වනු මංගල්‍යය සංවිධානය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd