IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යුරෝපා ලක් රූ රැජිණ සබීනා

මහනුවර රෝහලේ පිළිකා අංශයේ ඉදිකළ නව වාට්ටු සංකීර්ණයට අවශ්‍ය විදුලි පුටු 25ක් පරිත්‍යාග කිරීම අරමුණු කොට යුරෝපයේ ශ්‍රී ලාංකික ලක් රූ රැජිණ තේරීමේ උළෙලක් පැරීසියේදි පැවැත් විණි.

2008 ශ්‍රී ලංකා රූ රැජිණි ෆේත් ලැන්ඩර්ස් මෙනවිය, ,ලාංකිය සිනමා නිලි ගයේෂා පෙරේරා , හේමාල් ජයසුන්දර විනිශ්චය මණ්ඩලය නියෝජනය කළහ. නැටුම්, ගැයුම්, වැයුම් වලින් සමන්විත වූ මෙම උත්සවයේදී යුරෝපයේ රටවල් 10කින් තරගකාරියන් 15 දෙනෙක් ඉදිරිපත් වූහ. එහිදී තරග වට තුනකින් පසු ඩෙන්මාර්කයේ සබීනා තෝර්සන් 2016 වර්ෂයේ යුරෝපයේ ශ්‍රී ලාංකික ලක් රූ රැජිණ ලෙස ජය ගත් අතර ජර්මනියේ සෞම්‍යා සිංහවංශ හා ප‍්‍රංශයේ සඳලී ප‍්‍රමෝධ්‍යා අනුපිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි කර ගත්හ.

විශේෂ කුසලතා පරීක්ෂණයට අනුව හොදම මෝස්තර නිරූපණය , සුන්දර රූමතිය, හොදම රූප දේහය  හිමි යුවතිය, අලංකාර හා දක්ෂතම රූමතිය ලෙස ත්‍යාග පහක් පිරි නැමිණි. ඒවා අනුපිළිවෙලින් සඳලී ප‍්‍රමෝධ්‍යා, ක‍්‍රිස්ටිනා අබේසේකර, සබීනා තෝර්සන් හා සෞම්‍යා සිංහවංශ යන යුවතියෝ දිනා ගත්හ.

ජයමිණි හා තිසරාවි කලායතනයේ විචිත‍්‍ර නර්තන වලින් එදින සැඳෑව අලංකාරමත් විය. උත්සවය ප‍්‍රංශ ලංකා සුබ සාධන සංවිධානය විසින් සංවිධානය කළ අතර එහි සභාපති සනත් මහතා උත්සවය සාර්ථක කරගැනීමට සහාය දැක්වූ සියලු දෙනාට ස්තූති කළේය.

________-______ ______-______-__-___-___________--_____-_______ 01 03 04 Thisaravi-01 Thisaravi-02

 

 



අදහස් (0)

යුරෝපා ලක් රූ රැජිණ සබීනා

ජයසුරිය ඩෙන්මාර්ක් Friday, 11 November 2016 09:41 AM

කවුරු කලත් මේවා හොඳ වැඩ . පින්කම් නේ ,රටටනේ . ඔබල ගැන ආඩම්බරයි .(ම)

:       0       0

රම්‍ය හීන්කෙන්ද Friday, 11 November 2016 11:06 AM

නොදන්නා දෙයක් දැන්වුවට ගොඩක් ස්තුතියි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site