(රොමේෂ් මධුෂංඛ)
යාපනය කීරිමලෙයි කන්කසන්තුරෙයි ප්‍රදේශයේ මුහුදු වෙරළේ වයෝවෘද්ධ අයෙකුගේ මළ සිරුරක් හමු වූ බව කන්කසන්තුරෙයි පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ අවුරුදු 50 ක් පමණ වයස්ගත වූවෙක් බවත් මේ වන තුරු මිය ගොස් ඇති පුද්ගලයා හඳුනාගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බවට පොලිසිය පවසයි.
අදාල පුද්ගලයාගේ සිරුර මුහුදේ පා වෙමින් තිබූ ස්ථානයට ආසන්නයේ මාර්ගයේ මත්පැන් බෝතලයක් ද හමු වී ඇති අතර එම පුද්ගලයා මත්පැන් පානය කර දිය නෑමට යාමේදී දියේ ගිලීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන කන්කසන්තුරෙයි පොලීසිය සැක පළ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd