(රොමේෂ් මධුෂංඛ)
යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේදී ‘ආවා’ කල්ලියේ හිටපු ප්‍රබල සාමාජිකයකුගේ වෙළඳසැලකට කිසියම් පිරිසක් ඊයේ (25) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කර පලාගොස් ඇති බවට යාපනය පොලිසිය පවසයි.
කන්කසන්තුරෙයි මාර්ගයේ වඩක්කොඩ්ඩෙයි මංසන්ධියේ පිහිටි ඇලුමිනියම් භාණ්ඩ වෙළඳසලටකට මෙලෙස පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත.
මොහොමඩ් ඉක්ක්‍රාම් නැමති ආවා කල්ලියේ හිටපු සාමාජිකයා මේ වන විට බන්ධනාගාරගතව සිටින අතර ඔහුට අයත් මෙම වෙළඳසල මේ වන විට ඔහුගේ පියා පවත්වාගෙන යන අතරතුර මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd