IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යාපනයේ රක්ෂිතයක ගස් කැපූ 13 දෙනකු අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)
                           

යාපනය වඩමාරච්චි නැගෙනහිර මනල්කාඩු රක්ෂිත ප්‍රදේශයේ ඉඩම් වලින් ගස් කැපූ 13 දෙනෙකු වාහන 3 ක් ද සමඟ අත්අඩංගුවට ගත් බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.


වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ මනල්කාඩුහි පිහිටි රක්ෂිත භූමියේ අනවසරයෙන් ගස් කපන බවට පේදුරුතුඩුව පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


එලඹෙන උත්සව සමයේ සැමරුම් සඳහා යොදා ගන්නා ෆනස් වර්ගයේ ගස් කපා විකිනීමට මෙම සැකකරුවන් විසින් සැලසුම් කොට තිබූ බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇති අතර සැකකරුවන් පැමිණි බට්ටා වර්ගයේ කුඩා ලොරි රථ 3 ක් ද අත්අඩංගුවට ගනු ලැබීය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මාණිප්පායි සහ නල්ලූර් ප්‍රදදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පෙදුරුතුඩුව පොලීසිය විසින් පියවර ගෙන ඇත.



අදහස් (0)

යාපනයේ රක්ෂිතයක ගස් කැපූ 13 දෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site