(රොමේෂ් මධුෂංඛ)
යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (08) අලුයම පැමිණි කොල්ල කල්ලියක් විසින් නිවසේ තිබූ රුපියල් ලක්ෂ 12 කට අධික රන් තොගයක් රැගෙන පලා ගොස් ඇති බවට චාවකච්චේරිය පොලීසිය පවසයි.
මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි රාසරත්නම් රාජ්කුමාර් නැමැති පුද්ගලයාගේ නිවසට අද (08) අලුයම 4.30ට පමණ යතුරුපැදි දෙකකින් මුහුණ වසාගත් සිවු දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් නිවසියන්ට කඩු පෙන්වා බිය කොට නිවසේ තිබූ 1,233,500 ක් වටිනා රන් තොගයක් කොල්ල කා පලා ගොස් ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
පැමිණි පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අද උදෑසන 7 ට පමණ නිවෙස් හිමියා විසින් චාවකච්චේරි පොලීසියට පැමිණ කරන ලද පැමිණිල්ලේ තොරතුරු වලට අනුව පඅදාල කොල්ල කල්ලිය සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd