IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යාපනයේ නැවත පදිංචිවූවන්ට පොකුරු නිවාස ගම්මාන

 (රොමේෂ් මධුෂංඛ)
 
යුද්ධය හේතුවෙන් අවතැන්ව, යාපනය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි වූ වැසියන් වෙනුවෙන් ඉදිකරන ලද පොකුරු නිවාස ව්‍යාපෘතියක් ජනසතු කිරීමට  ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මෙම පොකුරු නිවාස සඳහා රුපියල් මිලියන 72 ක මුදලක් වැය කර තිබේ.

ඒ අනුව යාපනය උඩුවිල් ප්‍රදේශයේදී ඒවනෙයි ගම්මානයේ පොකුරු නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් ඉදිකෙරුණු නිවාස 53 ක් එම අමාත්‍යංශ ලේකම් වී. සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
 
මෙම නිවාස වැඩසටහනට සමගාමීව පානීය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, අභ්‍යන්තර මාර්ග, ප්‍රජා ශාලාව, ආගමික ස්ථාන ඇතුළු යටිතල පහසුකම් සපයා දීමට ද එම අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
 
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම්, අතිරේක දිස්ත්‍රීක් ලේකම් එස්. මුරලිදරන්, උඩුවිල්  ප්‍රාදේශීය ලේකම් එස්.ජයකාන්ත් ඇතුළු රජයේ නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ. 



අදහස් (0)

යාපනයේ නැවත පදිංචිවූවන්ට පොකුරු නිවාස ගම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site