රොමේෂ් මධුෂංඛ
යාපනය,කල්වියන්කාඩු ප්‍රදේශයේ ජල නළ පද්ධතියක් සකස් කිරීමේදී පොළව යට තිබි මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවු ස්ථානය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අද (25) සිට පරීක්ෂණ ආරම්භ කළ බව යාපනය පොලීසිය පවසයි.
යාපනය පොලීසිය පැවසූවේ අදාළ අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් සින්නදුරෙයි සදීශ්කරන් මහතා නිරීක්ෂණය කළ අතර, මහේස්ත්‍රාත් නියෝග යටතේ යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.මයුරන් මහතාගේ මූලිකත්වයෙන් යාපනය පොලීස් ස්ථානීය පරීක්ෂා කිරීම් ආරම්භ කළ බවයි.
යාපනය ප්‍රදේශයට ජලය රැගෙන යාමට ජල නළ ව්‍යාපෘතියක් සකස් කිරීමට පොළොව කැනීමේදී කල්වියන්කාඩු ප්‍රදේශයේ තිබී පසුගිය 20 වැනිදා පළමු වරට අස්ථි කොටස් හමුවු බව යාපනය පොලීසිය කීය.
පොළව මතුපිට සිට අඩි තුනක පමණ ගැඹුරින් අදාළ අස්ථි කොටස් හමුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වෙත කරුණු වාර්තා කිරීමට ජල නළ ව්‍යාපෘතිය භාර නිළධාරීන් කටයුතු කිරීමෙන් පසුව අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.
මීට පෙර අවස්ථාවකදී ද යාපනය චෙම්මනෙයි ප්‍රදේශයේ සමූහ මිනිවළක් පැවති අතර අදාළ ස්ථානයෙන් මිනිස් සිරුරු 15 ක කොටස් සොයා ගැනීම 1999 වර්ෂයේදී සිදුකරනු ලැබීය.
ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති දැරියක් 1996 අගොස්තු මාසයේ දී අතුරුදන් වීමත් සම්බන්ධයෙන් ගොනු කළ නඩු විභාගයකදී ඉදිරිපත් වු සාක්කි මත මීට පෙර චෙම්මනෙයි ප්‍රදේශයේ සමූහ මිනිවළ සොයාගත්හ.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාපනයේ ජලනල පද්ධතියෙන් ඇටසැකිලි හමුවීම ගැන පරික්ෂණ ඇරඹේ