(රොමේෂ් මධුෂංඛ)

යාපනය  පාසෙයිඌර් ප්‍රදේශයේ කලපුවක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 2ක් හා ඩෙටනේටර් 4 ක් තිබී සොයාගත් බව අද(28) යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් ලද බුද්ධි තොරතුරකට අනුව කලපුවේ පඳුරු කැලෑවක සඟවා තිබී පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය පාර්සල් 8 ක අසුරා තිබී ඇත.
 
මසුන් තහනම් අයුරින් මැරීමට ධීවරයින් මෙම පුපුරණද්‍රව්‍ය තොගය භාවිතා කිරීමට රැගෙන එන්නට ඇති බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පළ කරයි.
 
පුපුරණද්‍රව්‍ය තොගය හා ඩෙටනේටර් තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසියට භාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු පියවර ගත්හ.