IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යුද හමුදා පා ගමනේ හත් වැනි දිනය පස්යාලෙන් නිමාවෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ශ්‍රී ලංකා යුද හමදාවේ ගුවන් සංක්‍රමනික බල සේනාවට වසර 25 ක් පිරීම හා යුද ජයග්‍රහණයට වසර 10 ක් පිරීම හේතුවෙන් පසුගිය 29 වැනිදා මැදවච්චියෙන් ආරම්භ කෙරුණු  යුද සෙබලුන්ගේ පා ගමනේ හත්වැනි දිනය විශාල ජනතාවකගේ සුබ පැතුම් මැද අද (05) පස්යාල නගරයෙන් නිමාවිය.

යුද හමුදාවේ අභිමානය පිළිබිඹු කිරීමත් රටේ අස්ථාවර තත්ත්වයක් නැති බවට ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමත් අරමුණු කර ගනිමින් මෙම පා ගමන සංවිධානය කළ බව ඊට එක්ව සිටි යුද හුමදාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

වරකාපොල සිට පස්යාල දක්වා දිගින් දිගටම විහාල ජනතාවක් මග දෙපස එක්වී යුද සෙබලුන් දිරිමත් කළ අතර වැඩිදෙනා අත ජාතික කොඩි තිබෙනු දැකිය හැකිවිය.

පා ගමනේ පිරිස් වෙත සංග්‍රහයන්ද සංවිධාන කර තිබූ අතර  අද පා ගමනේ විවේක දිනය වේ. 

හෙට (07) උදෑසන පස්යාලෙන් ආරම්භ වන පා ගමන කඩවත දක්වා යෙදී ඇති අතර පා ගමනේ අවසානය කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.



අදහස් (0)

යුද හමුදා පා ගමනේ හත් වැනි දිනය පස්යාලෙන් නිමාවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site