(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කිලිනොචිචියේ විශ්වමඩු ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි එක්දරු මවක බේරාගැනීමට යුද හමුදා 6 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිසක් සමත්වූ බව කිලිනොචිචි ආරක්‍ෂක සේනා මූලස්ථානය කියයි.
මෙසේ අනතුරින් බේරාගෙන ඇත්තේ කිලිනොචිචි විශ්වමඩු බටහිර තොටිටිඅඩි මෙට්ටෙකුඩි ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි එක්දරු මවකි.
කාන්තාවක් වගා ළිඳකට වැටී සිටින බව ප්‍රදේශවාසීන් විසින් තොට්ටිඅඩි විශ්වමඩු යුද හමුදා කඳවුරට දැනුම්දීමෙන් පසු සෙබළු 11දෙනෙක් එක්ව ඇය ගොඩට ගත්හ.
ළිඳෙන් ගොඩට ගත් කාන්තාවගේ තත්වය යහපත් බව යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd