(රොමේෂ් මධුෂංඛ)
යුද්දය හේතුවෙන් විනාශ වූ යාපනය දිස්ත්‍රික්කයේ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වරුතලෙයිවිලාන් ගම්මානයේ නිවාස ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත්කරනු ලැබීය.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ මෙම නිවාස ව්‍යාපෘතිය යුද හමුදාපතිගේ අධීක්ෂණයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ මෙහෙයවීම මත යුද හමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාස සාදා දෙනු ලැබීය.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරනු ලැබූ මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 30 කින් යුක්තය.
එක් නිවසක් ඉදිකිරීම සඳහා වැයකරනු ලැබූ මුදල රුපියල් ලක්ෂ 8 ක් වූ අතර නිවාස ව්‍යාපෘතිය සදයා වැයවූ මුදල රුපියල් ලක්ෂ 240 කි.
නිවාස ප්‍රතිලාභීන්ගේ මෙන්ම 513 සේනාංකයේ සෙබලුන්ගේ ශ්‍රමදායකත්වය මත මෙම නිවාස ඉදිකිරීම් කටයුතු සිදු කැරිණි.
නිවාස ව්‍යාපෘතියට සමගාමීව මාර්ග, විදුලිය, සනීපාරක්ෂක ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට ද කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, අමාත්‍යාංශ ලේකම් පී.සුරේෂ්, යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් සහභාගි වුහ.




2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද්දෙන් විනාශ වූ නිවාස වෙනුවට අලුත් නිවාස 30 ක්
Ranjan Monday, 09 April 2018 02:42 PM
කොතරම් හොඳ කලත් යාපනේ මිනිස්සුට කවදාවත් කෘතඥතාවය කියන එක දන්නේ නැහැ.