(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
යක්කලමුල්ල අකුරැස්ස මාර්ගයේ අද (04) යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරුවෙකු මියගොස් ඇතැයි යක්කලමුල්ල පොලිසිය පැවසීය.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අකුරැස්ස මලිදුව පදිංචි 31 හැවිරිදි නිලන්ත කුමාර නැමැති පින්තාරුකරුවෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ දී මියගිය පුද්ගලයා යතුරු පැදියෙන් අකුරැස්ස දෙස සිට යක්කලමුල්ල දක්වා ගමන් කර ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd