
(ක.ග.කරුණාරත්න)
ගිරිතලේ බකමූණ මාර්ගයේ කෝට්ටපිටිය ප්‍රදේශයේදී අද (24) පස්වරුවේ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක සහ අසල තිබූ ගසක හැපීම නිසා සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මරණයට පත්වී ඇතිබව බකමූණ පොලිසිය පැවසීය.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ පොලොන්නරුව,පරාක්‍රම සමුද්‍රය,ගණන්ගොල්ල ප්‍රදේශයේ පදිංචි ඩී.එස්.දිලාන් අනුරාධ නැමැති 34 හැවිරිදි අයෙකි.
මියගිය පුද්ගලයා ගිලන් රථ රියදුරෙකු ලෙස සේවය කරන අයෙකු බවද අනාවරණයවී ඇතැයි පොලිසිය සඳහන් කළේය.
යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් අයෙකු අනතුරින් තුවාල ලබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd