(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
මාතර සිට ගාල්ල දෙසට ගමන්ගත් යතුරු පැදියක පිටුපසින් පැමිණි ජල බවුසරයක අද (16) ගැටීමෙන් සිදුවූ අනතුරින් යතුරු පැදියේ පිටුපස ගමන් කරමින් සිටි තිදරු මවක් එම ස්ථානයේදීම මියගොස් යතුරු පැදිය පැදවූ මියගිය අයගේ ස්වාමිපුරුෂයා බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ බව අහංගම පොලිසිය කියයි.
මෙම මාර්ග අනතුරින් මියගොස් ඇත්තේ අහංගම ඔලගන්දූව යන ලිපිනයේ පදිංචිව සිටි අනුලා කෝදාගොඩ නැමැති 66 හැවිරිදි කාන්තාවකි.
මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
අනතුර සිදුකළ ජල බවුසරය පැදවූ රියැදුරා පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.සැකකාර රියදුරා බීමතින් සිටියාද යන්න පිලිබඳ සොයා බැලීම සඳහා වෛද්‍ය පරික්ෂණයකට යොමුකළ බව පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd