IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


යතුරු පැදිකරු මරණයට පත්කළ ලොරි රථ රියදුරුට ඇප

(දිනේෂ් උපේන්ද්‍ර)        
                                                                                   
කුලියාපිටිය මොහොත්තවගොඩදී පුද්ගලයකු මරණයට පත්කරමින් සිදු වූ රිය අනතුරකට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි ලොරි රථ රියදුරෙකු රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග අද(17) මහත්මිය නියම කළාය.

ඔහුගේ රියදුරු බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ ඇපමත මුදාහැරුණේ කුලියාපිටිය බෝධිමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ආරක්‍ෂක හිස්වැසුම් පවා නොපැළඳ යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු අධික වේගයකින් පැමිණි බවත්, එම අවස්ථාවේදී මාර්ගය හරහා හරවමින් තිබූ ලොරිරථයක ගැටී අනතුර සිදුව ඇති බවත්, අසළ තිබූ ටයර් අලෙවිසැලක ව්‍යාපාරිකයකු සිය මෝටර් රථයෙන් ඔවුන් දෙදෙනා රෝහල් ගත කිරීමට පියවරගෙන තිබූ බවත් පොලිසි පැවසීය.

බරපතල තුවාල ලැබූ තැනැත්තා කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ සිට කුරුණෑගල ශික්‍ෂණ රෝහලට රැගෙනයාමෙන් පසු මියගිය බවත් එම රෝහලේදී මරණය සම්බන්ධ සියලූ පරීක්‍ෂණ සිදුකර ඇති බවත් පැවසූ පොලිසිය සිද්ධියෙන් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන්ගත් අනෙක් පුද්ගලයා මේ වනවිට කුලියාපිටිය ශික්‍ෂණ රෝහලෙග් ප‍්‍රතිකාර ලබන බවද පැවසීය.

රිය අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියැදුරාව 13 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ මහතා, මිය ගිය තැනැත්තා නීතිවිරෝධී මත්පැන් නිපදවන්නෙකු බවත් ඔවුන් ඒ එසම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් තඹ දඟර ඇතුලූ උපකරණ රැගෙන හදිසියෙන් යාමේදී මීටර 300ක් පමණ පැහැදිළිව මාර්ගය පෙනෙන ස්ථානයකදී තම සේවාදායකයාගේ ලොරියේ ගැටී ඇති බවත් පවසමින් සැකකරු වෙනුවෙන් ඇප අයදුම් කළේය.

කුලියාපිටිය පොලිස් රථවාහන අංශයේ සැරයන්(88608) මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු කී අතර නීතිඥ චම්පික ලසිතකුමාර මහතා සැකකාර රියදුරු වෙනුවෙන් පෙනීසිටියේය.



අදහස් (0)

යතුරු පැදිකරු මරණයට පත්කළ ලොරි රථ රියදුරුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site