(ඩබ් ඒ පියතිලක )
මින්නේරිය වළස්මුල්ල මාර්ගයේ දි ට්‍රැක්ටර් රථයක යතුරු පැදියක් ගැටීම නිසා සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරු හිගුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය බව මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අංක 201, වලස්මුල්ල, රජඇළ, මින්නේරිය. ලිපිනයේ පදිංචි එස් සිසිර සේනාරත්න (52) හැවිරිදි විවාහක අයෙකි.
යතුරුපැදිකරු හිගුරක්ගොඩ නගරයට පැමිණ වලස්මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ගමන් කරමින් සිටියදි වලස්මුල්ල ප්‍රදේශයෙ සිට මින්නේරිය දෙසට බොරළු ප්‍රවාහනය කරමින් සිටි ට්‍රැකටරයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
ට්‍රැක්ටරු රථයේ පසුපස රෝදයේ යතුරු පැදිය ගැටිම නිසා යතුරු පැදි කරු අනතුරට පත්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd