එරාවුර් කලුවන්කේනි දේවපුරම්හිදී සහ මීගහතැන්න පැලවත්තේ දී සිදුවූ යතුරු පැදි අනතුරු දෙකකින් තරුණයන් දෙදෙනකු මියගොස් තවත් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල කියයි. දේවපුරම් සිහ කලුවන්කේනි දෙසට ධාවනය කළ යතුරු පැදිය මාර්ගය අසල බෝක්කුව ගැටීමෙන් යතුරුපැදිය පැදවූ තරුණය එම ස්ථානයේදී මියගොස් පිටුපස ගමන් කළ පුද්ගලයා තුවාල ලැබීය. ඔහුගේ තත්ත්වය බරපතල බව මඩකළපුව රෝහල් ප්‍රකාශකයෙක් කීය. පැලවත්ත මතුගම මාර්ගයේ කොක්කුඹුර දී යතුරු පැදියක් බසයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.