(කේ බුද්ධික කුමාරසිරි සහ එච් එස් ඒ නන්දන)
මාර්ග අංක 293 හෝමාගම හංවැල්ල මාර්ගයේ ඇඹුල්ගම ප‍්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොන්කී‍්‍රට් කණුවක ගැටිමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු නවගමුව දිසා රෝහලට රැගෙන යන අතරතුර මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
අනතුර සිදු වූ ස්ථානය විශාල වංගුවක් සහිත ස්ථානයක් බවත් එම මාර්ගයේ පනාගොඩ දෙස සිට ඇඹුල්ගම දෙසට වේගයෙන් පැමිනි යතුරුපැදිකරුට තම යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්කී‍්‍රට් කණුවේ ගැටී අනතුර සිදුව ඇති බවත් ඇසින් දුටු සාක්ෂි හා ස්තානීය පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇමුල්ගම කන්ද පාර ප‍්‍රදේශයේ පදිංචිව සිටි කෝකිල ගයාන් නැමැති 31 හැවිරිදි අවිවාහක තරුනයෙකු වන අතර ඔහු රැකියාව ලෙස ටැටූ ගැසීම සිදු කර ඇති බවත් පොලිසිය පවසයි.
හංවැල් පොලිස් ස්තානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංහයේ ස්තානාධිපති පොලිස් පරීක්ෂක රත්නායක මහතා පරීක්ෂණ පැවැත්විය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට