(අශෝක තිලකරත්න)
බඳගරිය පල්ලෙමලල මාර්ගයේදී අද (06) ටිපර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ බඳගිරිය සමෘද්ධි නිලධාරීවරයා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව හම්බන්තොට පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අම්බලන්තොට චිත්‍රාගල පදිංචි 43 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම අනතුරට අදාල ටිපර් රථයේ රියදුරු හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හම්බන්තොට පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු මෙම රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd