හේමලතා ඩී හේවගේ
ගිරිඋල්ල - මීගමුව ප‍්‍රධාන මාර්ගයේ දංකොටුව නගර මධ්‍යයේ දී අද (27) යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් අඹුසැමි යුවළක් බරපතල ලෙස තුවාල ලබා දංකොටුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇති බව දංකොටුව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ දංකොටුව මැද ගෝනවිල ප‍්‍රදේශයේ පදංචි ඩිලානි ප‍්‍රියංගනී නැමති 42 හැවරිදි තිදරු මවකි.
මියගිය කාන්තාව ඇගේ සැමියා සමඟ ඉඩමක් සම්බන්ධයෙන් මුද්දර ගාස්තු ගෙවීම සඳහා කුරුණෑගල කච්චේරියට ගොස් නැවත නිවෙස බලා එන විට දී අනතුර සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd