(අශෝක තිලකරත්න)
අම්බලන්තොට බස් නැවතුම් පොළ ඉදිරිපිටදී අද (24දා) පාර මාරුවෙමින් සිටි කාන්තාවක් පොලිස් කොස්තාපල්වරයෙකු විසින් පදවන ලද යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මරණයට පත්වී ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ලුණම රජසරණගම පදිංචි යූ.පී. ගුණසීලි (54) නැමැති කාන්තාවකි.
මෙම අනතුරෙන් යතුරුපැදිකරුවන කුට්ටිගල පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයා ද තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අම්බලන්තොට පොලිසිය මෙම මාරක අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd