(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම මිරිස්ස ප්‍රදේශයේ හෝටල් හිමියකුට අයත් රුපියල් ලක්ෂයක් පමණ වටිනා යතුරු පැදියක් සොරකම් කළ බව කියන යුක්රේන ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
අදාළ හෝටල් හිමියාගේ නිවස ඉදිරිපිට නවතා තිබු යතුරුපැදිය ඔහු සොරකම් කර ගෙන ගොස් තිබුණේ ඉකුත් 2 වැනිදාය.
උදෑසන මිරිස්ස වරායට යාම සදහා යතුරුපැදිය සොයා බැලු විට නොතිබුණු බවත් සී.සී.ටී.වී.කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදී විදේශීය ජාතිකයකු එය රැගෙන යන බව පටිගත වී තිබු බවත් එහි හිමිකරු පොලීසිය වෙත ප්‍රකාශ කර තිබේ.
තමා සංචාරක ව්‍යාපාරයේ නිරත අයෙකු නිසා එම විදේශීය ජාතිකයා නැවත යතුරුපැදිය ගෙනවිත් බාරදිය හැකි බවට වූ විශ්වාසයෙන් ඔහු පසු වී ඇත.
එහෙත් ඉන් දින පහකට පසු සැකකාර යුක්රේන ජාතිකයා මිරිස්ස නගරයේ දී එම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින විට පොලීසිය නවතා පරික්ෂා කර තිබේ.
වලංගු ආදායම් බලපත්‍රය හා රක්ෂණ සහතික පරික්ෂා කරන විට අදාළ යතුරුපැදිය සොරකම් කර ගෙනවිත් ඇති බව හෙළි වී ඇත.
සැකකාර යුක්රේන ජාතිකයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.