( කේ. බුද්ධික කුමාරසිරි
හයිලෙවල් මාර්ගයේ මීපේ මාවතගම ප්‍රදේශයේදී අද (09) සවස යතුරුපැදියක්, ලොරි රථයක හා ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියෙහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
යතුරුපැදිය ලොරි රථයට ඉස්සර කිරීමට යාමේදී ඉදිරිපසින් පැමිණි ටිපර් රථයේ ගැටී නැවතත් ලොරි රථයේ ද ගැටී මෙම අනතුර සිදු වී ඇත.
මිය ගොස් ඇත්තේ කොස්ගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 සහ 20 වයස්වල තරුණයින් දෙදෙනෙකි.
ලොරි රථ රියැදුරු පලා ගොස් ඇති අතර ටිපර් රථය සහ එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd