IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මේ වසරේදී අපරාධ කල්ලි සාමාජිකයින් 17 ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

කොළඹ අපරාධ කොට්ඨාසය මේ වසරේ  කළ විමර්ශන වලින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජියක් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය. 


මෙම පිරිස අතර මාකදුරේ මධුෂ්ගේ , අංගොඩ ලොක්කාගේ , කෙසෙල්වත් දිනුකගේ, දුනගහ සංජීවගේ  ගෝලයන් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මෙම අපරාධ කරුවන් දැනට රටින් පැනගොස් සැගව සිටින අතර ඔවුන් මෙම ගෝලයන් ලවා මත්කුඩු ජාවාරම ඇතුලූ අපරාධ සිදුකර කරන බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම සැකකරුවන්ට අමතරව  ටී 56 ගිනි අවියක්,  පිස්තෝල දෙකක්, රිවෝල්වර එකක්, රිපීටර් ගිනි අවි එකක්, ගල්කටස් ගිනි අවි එකක්,  අත් බෝම්බයක් හා සමග විවිධ  වර්ගයේ ජීව පතුරම් 661 සොයා ගෙන ඇති බවද  ඒ මහතා කීය.

තවද  හොරොයින් කිලෝ එකයි.  ග‍්‍රෑම් 398 ක ප‍්‍රමාණයක්,    ගංජා   කිලෝ 1 යි ග‍්‍රෑම් 15 ක්,  සහ  මත්පැන් බෝතල් 2211 ක්, අසිස්, කොකේන්  වැනි මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ඇත.

මෙම මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සදහා පොලිස්පතිවරයාගේ සංකල්පයක් මත කොළඹ ප‍්‍රදේශය ආවාරණය වන පරිදි සන්නද්ධ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ  සන්නද්ධ යතුරුපැදි කණ්ඩායම්  මෙහෙයුම් සදහා යෙදවා ඇති බවද හෙතෙම කීය.

මෙම වසරේ මේ දක්වා දිවයින පුරා  වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් 33 වාර්තා වී ඇති බවත්  ඉන් සිද්ධීන් 24 ක ප‍්‍රධාන සැකකරුවන් ගිනි අවිය ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා කීය.

ඉතිරි සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් එම සිද්ධීන් වලට  සම්බන්ධ සැකකරුවන්  ඉදිරි මාස කිහිපය තුළ අත්අඩංගුවට ගත්නා බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය කාලය තුළ සිදු වු  විවිධ අපරාධ සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජකියන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  



අදහස් (0)

මේ වසරේදී අපරාධ කල්ලි සාමාජිකයින් 17 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site