IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


මා දන්නා තරමින් රට තුළ ජාතික ආණ්ඩුවක් නෑ.- මහින්ද අමරවීර


(රන්න චන්ද්‍රසේන ගමගේ)                          
තමා දන්නා තරමින් පාර්ලිමෙන්තුව තුළ ජාතික ආණ්ඩුවක් නොමැති බවත්  පාර්ලිමේන්තු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් තමන්  මේ වනතුරු ඒ පිළිබඳව දැනුවත් වී නොමැති බවත් හිටපු කෘෂිකර්ම ඇමති සහ පාර්ලිමෙන්තු විපක්ෂයේ ප්‍රධාන සංවිධයක මහින්ද අමරවීර මහතා අද(02)  පෙරවරුවේ අම්බලන්තොට කරගස්ආරේදී පැවසීය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමෙන්තුවේ මුල්‍ය ආධාර යටතේ රුපියල් ලක්ෂ 30ක් වැයකර ප්‍රතිසංස්කරණය කරන ලද අම්බලන්තොට කරගස්ආර ‘‘කුඩාබෝලාන බස්නා‘‘ මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව පැමිණ සිටි ජනතාව අමතා මහින්ද අමරවීර මහතා වැඩි දුරටත් පැවසුවේ මීට පෙරද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කිහිප වරක් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන නිසාත් වෙනත් පක්ෂයක මුස්ලිම් මන්ත්‍රී වරයෙකු ඔවුන්ට සහාය දක්වන නිසාත් අද පවතින්නේ ජාතික ආණ්ඩුවක් බව පවසා තිබෙන නමුත් මා දන්නා තරමින් අපි පැවති ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූවායින් පසු මේ වන තෙක් රට තුළ ජාතික  ආණ්ඩුවක් නොමැති බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවකට ගොස් ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා වශයෙන් මේ වනතුරුත් තමන් දැනුවත් කර නොමැති බව පැවසීය. කෙසේවුවත් හොඳ පරමාර්ථයකින් රටේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සදහා ජාතික ආණ්ඩුවක් හදනවා නම් එහි වරදක් තමන් නොදකින් බවත් ඇමතිකම් ඉල්ලා හඬා වැටෙන අය සැනසීම සඳහා ඇමති මණ්ඩලය ඉහළ නංවා ගැනීමට  බිහිකරන ජාතික ආණ්ඩුවලින් රටට වැඩක් නැති බවත් හෙතෙම පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘‘දැන් හැමෝම මැති වරණ ගැන කතා කරනවා. අපේක්ෂකයන් ගැන කතා කරනවා. නමුත් මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයකට මේ රට ගොඩ ගැනීම සදහා කිසිදු වැඩ පිළිවෙලක් නැති බව පෙනෙන්න තිබෙනවා. මමත් මේ දේශපාලනය තුල හිටි නිසා අද රට පත් වි ඇති තත්වයට තමන්ද වග කිව යුතු බව මම මෙහෙදී සඳහන් කරනවා.‘‘ යැයි පැවසීය.



අදහස් (0)

මා දන්නා තරමින් රට තුළ ජාතික ආණ්ඩුවක් නෑ.- මහින්ද අමරවීර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1052 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1084 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site