IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


‘මහ කන්නයේ සියලූ වී අස්වැන්න මිලදී ගන්නවා‘

( රොමේෂ් මධුෂංඛ )
 
මෙවර මහකන්නයේ වන්නි දිස්ත්‍රීක්කයේ වී අස්වැන්නෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බලාපොරොත්තුවන අතර ගොවීන්ගේ සියලු වී අස්වැන්න රජයෙන් මිලදී ගැනීමට සියල්ල සූදානම් කර ඇති බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කීවේය.
 

දිසාපතිවරයා මේ බව පවසා සිටියේ අද (11) වන්නි දිස්ත්‍රීක්කයේ ගොවීන්ගේ වී අස්වැන්න රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වලදී මිලදී ගැනීම් නීරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීය.
 
වන්නි දිස්ත්‍රීක්කයේ ගොවීන් මෙවර අක්කර 45,000 කට අධික ප්‍රමාණයක් ගොවිතැන් කර  ඇති අතර මෙවර මහකන්නයේ වී අස්වැන්න වෙනුවෙන් ප්‍රමාණවත් ජලය හා පොහොර ලැබීම හේතුවෙන් සාර්ථක වී අස්වැන්නක ගොවීන්ට ලැබී ඇත.

සම්බා , නාඩු සහ කීරි සම්බා වෙනුවෙන් රුපියල් 50 ක් වූ සහතික මිලකට වී තොග ලබා දීමට ගොවීන්ට අවස්ථාව ලබා දී ඇති අතරම වී මිලදී ගැනීමේදී රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වලින් මෙතෙක් අනුමත කර තිබූ වී වල තෙතමන සීමාව 14% සිට 21 % දක්වා වැඩි කිරීමටද ජනාධිපති තුමන්ගේ උපදෙස් පරිදි පියවර ගෙන ඇති බවට වව්නියාව දිසාපතිවරයා කියා සිටියේය.
 
 එමෙන්ම වව්නියාව නගරය, වේප්පන් කුලම්, වව්නියාව පාක්රෝඩ්, මාමඩුව හා නෙඩුන්කේනි යන රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන හරහා වී මිලදී ගැනීමේ කටයුතු සිදු කෙරෙන අතරම වන්නි ගොවීන්ගෙන් වී මිලදී ගැනීම වෙනුවෙන් මූලික අදියරට රජය විසින් රුපියල් කෝටි 20 ක මුදලක් වෙන් කර ඇති බවට වී ලබා දුන් ගොවීන්ට ඉතා ඉක්මනින් මුදල් ලබාදීමේ ක්‍රියා පිළිවෙතක්ද අනුගමනය කොට ඇති බවට වව්නියවා දිසාපති සමන් බන්ධුලසේන මහතා වැඩි දුරටත්පැවසීය.



අදහස් (2)

‘මහ කන්නයේ සියලූ වී අස්වැන්න මිලදී ගන්නවා‘

de silva Tuesday, 11 February 2020 09:32 AM

වී මිලදී ගැනීමෙන් පමණක් ප්‍රශ්නය විසදෙන්නේ නැහැ , ඉක්මනට වී ටික සකස් කරලා පහසුමිලට නොකඩවා වෙළදපලට ලැබෙන්න සලස්වාන්නවන්න ඕනේ , නැතුව වී අවුරුදු ගණනක් බොරුවට ගබඩා කරගෙන ඉඳලා සත්ව ආහාර වලට කියලා අඩු මිලට විකුනලා පස්ස දොරින් නැවත වෙළදපලට දැමීම වගේ වැඩ එහෙම කරන්න එපා .

:       0       3

PradeepWednesday, 12 February 2020 03:04 AM

අනිවාර්යෙන්ම ඔව්. මෙහි වාසිය පාරිභෝගිකයා දක්වාම පැමිණිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1859 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1498 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site