IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මහේස්ත්‍රාත්වරිය බස්නාහිර නි. පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

මනෝප‍්‍රිය ගුණසේකර

බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන රාගම මත්තුමගල ප‍්‍රදේශයේ කාණුවක් ශූද්ධ පවිත‍්‍ර කිරීමට සම්බන්ධ වු ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා මීනී මැරීමට තැත් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස් පතිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට වත්තල මහෙස්ත‍්‍රාත් පුර්ණිමා පරණගම මහත්මිය නියම කර තිබේ.

මීනී මැරීමට තැත් කළැයි කියන සිද්ධියේ සැකකරුත් සමඟ සම්බන්ධ වු බව කියන ඔහුගේ ප‍්‍රත‍්‍රයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහබාගේ පොලිසියට නියම කොට ඇතත් ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක නොවී පොලිසිය මන්දගාමීව කටයුතු කරන බව කියමින් අගතියට පත් ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමක් සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියම කළාය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කොට සිටියදී මහාධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබු මෙම සිද්ධියේ සැකකරු වන රාගම මත්තුමගල ප‍්‍රදේශයේ පදිංචි ටී. ඒ. මහානාම  මහතා අධිකරණයේ පෙනී සිටියේය.

මත්තුමගල ප‍්‍රදේශයේ පදිංචි ජනක සිසිර කුමාර මහතා විසින් 2017 සැප්තැම්බර් මස 17 වැනිදා කරන ලද පැමිණිල්ලකට අදාළව සිදුකරන ලද මෙම සිද්ධියේ පරීක්‍ෂණ වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් මහබාගේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පරීක්‍ෂණ පවත්වමින් සිටියදී මෙම පරීක්‍ෂණය කොළඹ අපරාධ කොට්ඨාශයෙන් සිදුකරන බව එහි අධ්‍යක්‍ෂවරයා තමන්ට දැනුම් දුන්නේ යැයිද මෙම සිද්ධියට සම්බන්ධිත තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ඇතැයිද ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් උපදෙස් ඇයැද ඇතැයිද දැනුම් දුන් මහබාගේ පොලිසියේ නිලධාරීහු මෙතෙක් තමන්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් ලැබී නැතැයිද දැනුම් දුන්හ.

එහෙයින් මෙම සිද්ධිය පිළිබඳව පරික්‍ෂණ සිදුකර එහි ප‍්‍රගතිය අධිකරණයට දැනුම් දීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන්නැයි මහබාගේ පොලිසියේ නිලධාරීහු අධිකරණයෙන් ඇයැද සිටියහ.

සිද්ධියෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චන්න ගුණවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම අපරාධමය සිද්ධියට මෙම සැකකරු සමඟ ඔහුගේ ප‍්‍රත‍්‍රයාද සම්බන්ධ වී ඇති මුත් සිද්ධිය වී මාස 05 කට අධික කාලයක් ගතවී ඇතත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ දක්වා කටයුතු කොට නැතැයි ද කීය.

සැකකරුගේ ප‍්‍රත‍්‍රයාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර මෙම අධිකරණයෙන්ම පොලිසියට නියම කොට ඇතැත් පොලිසිය ඒ අනුව කටයුතු කොට නැතැයි කී නීතීඥ චන්න ගුණවර්ධන මහතා සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නිකුත් කළ නියෝගයන් සම්බන්ධයෙන් ද ක‍්‍රියාත්මක නොවී පොලිසිය මන්දගාමීව කටයුතු කරන්නේ ඇයිදැයි ප‍්‍රශ්න සහගත බවද පැවසීය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත‍්‍රාත්වරිය මෙම පැමිණිල්ල ලබන 05 වැනිදා යළි කැඳවීමටද නියම කළාය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ හිලේරියන් ගුණවර්ධන මහතා සමඟ නීතීඥ චන්න ගුණවර්ධන මහතා පෙනී සිටියේය.

සැකකරු වෙනුවෙන් නීතීඥ පේ‍්‍රමනාත් කලෙහිවත්ත මහතා පෙනී සිටියේය.



අදහස් (0)

මහේස්ත්‍රාත්වරිය බස්නාහිර නි. පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site