IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහවිරු දිනය සමරන්න කිලිනොච්චියේ මහවිරු සොහොන සුදානම් කරයි


               
රොමේෂ් මධුෂංඛ
 
යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන මේ දිනයන්හි පිරිසිදු කිරීම් සිදු වෙයි.


මහවිරු සැමරුම් වැඩසටහන් නොවැම්බර් මාසය කේන්ද්‍ර කරගනිමින් පවත්වන අතර, මෙවර දෙමළ ජාතික සන්ධානය පවත්වන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතය.


මේ හේතුවෙන් කනගපුරම් මහවිරු සොහොන් ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීම සිදු කරන අතර, සොහොන පිරිසිදු කිරීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ටි.කුරුකුලරාජා මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රී එස්.පසුපතිපිල්ලේ මහතා, කිලිනොච්චිය පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභා සභාපති එස්.සුරෙන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.


එමෙන්ම ප්‍රදේශවාසීන් ද සහභාගී වී මහවිරු සොහොන ප්‍රදේශයේ පැවති කැළෑව කපා ඉවත් කර සොහොන් භුමිය පවිත්‍ර කිරීම් සිදු කරන අතර කනකපුරම් සුසාන භූමියේදී මියගිය කොටි සාමාජිකයින්ගේ සොහොන් කොත් කැබලි වලින් සාදන ලද ස්මාරකයක් ද පසුගිය වසරේ සිට ස්ථාපිත කර ඇත.



අදහස් (0)

මහවිරු දිනය සමරන්න කිලිනොච්චියේ මහවිරු සොහොන සුදානම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site