IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහරගම ඩිපෝවේ සේවකයකු බස් රථයකට යට වී මරුට

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න 

මහරගම ඩිපෝවට අයත්  තට්ටු දෙකේ බස් රථයක තිරිංග අලුත්වැඩියා කරමින් සිටිය දී එකවරම  පසුපසට ධාවනය වු බස් රථයේ ගැටී  ඉදිරිපස රෝදයට යට වූ  පුද්ගලයෙකු අද (23) මිය ගිය බව මහරගම පොලිසිය පවසයි .

මෙසේ මිය ගොස් ඇත්තේ මහරගම ඩිපෝවට අනුයුක්තව සේවය කළ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි

මහරගම ඩිපෝවට අයත් මෙම තට්ටු දෙකේ  (ඩබල් ඩෙකර් ) බස් රථයේ තිරිංග වල ඇති වූ කාර්මික  දෝෂයක් අලුත් අලුත් වැඩියා  කරමින්  සිට ඇති  අතර තිරිංග නිවැරදිව තිබේදැයි පරික්ෂා කිරීම සඳහා  බස් රථය   ඉදිරි පසටත් පසුපසටත් ධාවනය කර  ඇති බව පොලිසිය පවසයි .

එම අවස්ථාවේදී  ඉදිරියට ධාවනය වූ බස් රථය එක වරම පසු පසට ධාවනය වි ඇති අතර  එම අවස්ථාවේදී බස් රථය පිටුපස රැඳී සිටි  පුද්ගලයකු මෙසේ බස් රථයේ  ගැටී  බිම  වැටී පසුපසට ධාවනය වෙමින් තිබූ බස් රථයේ ඉදිරිපස  රෝදයට යට වි මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි

අනතුර සිදු වීමත් සමග සමඟ  ඩිපෝවේ පාලනාධිකාරිය මහරගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසුව පොලීසිය එම ස්ථානයට ගොස්  බස් රථයේ රෝදයට යටවී   මිය  මිය ගොස් සිටි පුද්ගල මළ සිරුර  සොයාගත් බව පොලීසිය කියයි .

ඒ අනුව නුගේගොඩ කොට්ටාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන   නිලධාරීන් හා හදිසි මරණ පරීක්ෂක නිලධාරීන්  පැමිණ  ස්ථානීය පරීක්ෂණයක් සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම  සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය .

ඒ අනුව  පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය   කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගිය බව පොලීසිය පවසයි .

අනතුර සිදු කළ බස් රථයේ රියදුරු පරීක්ෂණ සඳහා අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .

සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන මහරගම පොලිසිය සිදු කරයි .
 



අදහස් (0)

මහරගම ඩිපෝවේ සේවකයකු බස් රථයකට යට වී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 621 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site