IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහියංගනයේ වෙළෙඳුන්ගේ කිරුම් මිනුම් උපකරණ පරීක්ෂා කෙරේ

(රංජිත් කරුණාවිර)

ඇඳීරි නීතිය අද (09) ලිහිල් කිරීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගික ජනතාවට කූට කිරුම් මිණුම් උපකරණ භාවිතා කර වංචා සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට අභ්‍යන්තර වෙළෙද ආහාර සුරක්ෂිත හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් මහියංගන නගරයේ සිල්ලර වෙළඳුන් අද පරීක්ෂා කරනු ලැබීය.

එහිදී  වංචා සිදු කරන වෙළෙදුන් කිසිවෙකු හමු නොවූ බවත් භාවිතයට තහනම් ප්‍රමිතියෙන් තොර තරාදි උපකරණ භාවිතා කරන වෙළෙදුන් කිහිපදෙනෙකු හමු වු බවත් ඔවුන්ට අවවාද කර ඉදිරියේ රජයේ ලියාපදිංචි ප්‍රමිතියෙන් යුතු කිරුම් හා මිණුම් උපකරණ මිලදී ගන්නා ලෙස අවවාද කළ බවත් මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම පරීක්ෂාව සඳහා මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්ය භාර නිලධාරී දුලිත් අශෝක මහතා හා බදුල්ල කාර්ය භාර නිලධාරී අමල් පෙරේරා යන මත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සොයාබැලීම සඳහා පැමිණ සිටියහ. 



අදහස් (0)

මහියංගනයේ වෙළෙඳුන්ගේ කිරුම් මිනුම් උපකරණ පරීක්ෂා කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site