IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහපාරට කුණු දැමූ - මදුරුවන් බෝකළ 14කට 27000ක දඩයක්


(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)
 
බදුල්ල කොළඹ ප්‍රධාන පාරට කසළ බැහැර කළ  සිව් දෙනෙකු සහ ඩෙංගු මදුරුවන් බෝකරන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 10 දෙනෙකුට රුපියල් 27,000ක දඩ මුදලක් ගෙවන ලෙස බළන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (21) නියම කළේය.    
       
බළන්ගොඩ පොලීසියේ දිස්ත්‍රික් පරිසර ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක ජී.එම්. ජයසූරිය මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.
                           
මෙම සැකකරුවෝ බළන්ගොඩ සහ ඕපනායක ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.   
          
මාර්ග පරීක්‍ෂාවේ සිටියදී මාර්ගයට කසළ බැහැර කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබුණි. නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඔවුන් වරද පිළිගත් අතර එක් පුද්ගලයෙකුට රුපියල් 3,000 සැකකරුවන් සිව් දෙනාට රුපියල් 12,000ක දඩයක් නියම විය.                                                     

තම නිවාස අවට  ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාම සම්බන්‍ධයෙනක් චෝදනා ලැබූවන්ට එක් පුද්ගලයෙකුට රුපියල් 1,500 බැගින් රුපියල් 15,000ක දඩයක් නියම විය.



අදහස් (0)

මහපාරට කුණු දැමූ - මදුරුවන් බෝකළ 14කට 27000ක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site