IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මහනුවර කුණු තේක්කවත්තට

(මොහොමඩ්  ආසික්)

මහනුවර මහ නගර සභාව සහ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව සිය බල ප්‍රදේශවල එකතු වන කැලි කසල බැහැර කිරීම සදහා  කටුගස්තොට තේක්කවත්ත යොදා ගැනීම නිසා තේක්කවත්ත අවට ප්‍රදේශවල ඩෙංගු රෝගය ඉතා සීග්‍ර ලෙස පැතිර යාමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

මේ දිනවල මහනුවර සහ අවට ප්‍රදේශවල විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිර යමින් පවතින බවත්  සෞඛ්‍ය අංශයේ නිලධාරින්ගේ උපදෙස් අනුව තම ගෙවතු පිරිසිදු කර ගත්තද ඒ අසල පිහිටි මෙම විශාල කුණු කන්ද  පිරිසිදු කිරිමට හැකියාවක් නොමැති බැවින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම අපහසු වී ඇති බවද ඔවුහූ කීහ.


මේ සම්බන්ධයෙන් මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසූවේ  තේක්කවත්තේ කසලවලින් ඩෙංගු බෝවීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් ලංකාවේ කසල බැහැර කරනු ලබන ස්ථානවලින් ජනතාවට හානි අඩුම කසල බැහැර කරන ස්ථානය ලෙස පවත්වාගෙන යන්නේ මෙම ස්ථානය බවත්ය.

මෙම ස්ථානයේ කසල බැහැර කර පස් දමා වසා දමන නිසා මදුරුවන් බෝවිමේ හැකියාවක් නැති බවද කොමසාරිස්වරයා කීය.

මෙහි එකතු  වන  ඝණ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඝණ අපද්‍රව්‍ය වර්ග 25 ක් මිලදී ගෙන අලෙවි  කරන බවත්  එමගින් ටොන් පහක් පමණ එකතු වන බවත් කී කොමසාරිස්වරයා ජනතාවට සිදුවන පීඩා අවම කරගෙන පවත්වාගෙන යන බවත් කීය.

මෙහි  පිරිසිදු ජලය නොමැති බැවින් හා අධික සුළං තත්වයක් ඇති බැවින් ඩෙංගු මදුරුවන්  බෝවීමේ හැකියාවක් නොමැති බවත්  මෙහි  බැහැර කරනු ලබන කසල හේතුවෙන් ඩෙංගු බෝවන බවට කියන කතා කිසිදු සත්‍යතාවයක්  නොමැති බවද කොමසාරිස්වරයා කීය.

 



අදහස් (1)

මහනුවර කුණු තේක්කවත්තට

sarathekanaayaka Friday, 04 August 2017 01:26 AM

කොයි ඔය දානවා කියපු නීති. ප්ලාස්ටික් ,විදුරු,දිරන කඩදාසි, ඉක්මනින් දිරන කෑම වෙන්කරන නීති හදන්න පලාත්සභාවට මෙච්චර කල් ගතවෙන්නේ ඇයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site