IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහනුවර කුණු තේක්කවත්තට

(මොහොමඩ්  ආසික්)

මහනුවර මහ නගර සභාව සහ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව සිය බල ප්‍රදේශවල එකතු වන කැලි කසල බැහැර කිරීම සදහා  කටුගස්තොට තේක්කවත්ත යොදා ගැනීම නිසා තේක්කවත්ත අවට ප්‍රදේශවල ඩෙංගු රෝගය ඉතා සීග්‍ර ලෙස පැතිර යාමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

මේ දිනවල මහනුවර සහ අවට ප්‍රදේශවල විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිර යමින් පවතින බවත්  සෞඛ්‍ය අංශයේ නිලධාරින්ගේ උපදෙස් අනුව තම ගෙවතු පිරිසිදු කර ගත්තද ඒ අසල පිහිටි මෙම විශාල කුණු කන්ද  පිරිසිදු කිරිමට හැකියාවක් නොමැති බැවින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම අපහසු වී ඇති බවද ඔවුහූ කීහ.


මේ සම්බන්ධයෙන් මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසූවේ  තේක්කවත්තේ කසලවලින් ඩෙංගු බෝවීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් ලංකාවේ කසල බැහැර කරනු ලබන ස්ථානවලින් ජනතාවට හානි අඩුම කසල බැහැර කරන ස්ථානය ලෙස පවත්වාගෙන යන්නේ මෙම ස්ථානය බවත්ය.

මෙම ස්ථානයේ කසල බැහැර කර පස් දමා වසා දමන නිසා මදුරුවන් බෝවිමේ හැකියාවක් නැති බවද කොමසාරිස්වරයා කීය.

මෙහි එකතු  වන  ඝණ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඝණ අපද්‍රව්‍ය වර්ග 25 ක් මිලදී ගෙන අලෙවි  කරන බවත්  එමගින් ටොන් පහක් පමණ එකතු වන බවත් කී කොමසාරිස්වරයා ජනතාවට සිදුවන පීඩා අවම කරගෙන පවත්වාගෙන යන බවත් කීය.

මෙහි  පිරිසිදු ජලය නොමැති බැවින් හා අධික සුළං තත්වයක් ඇති බැවින් ඩෙංගු මදුරුවන්  බෝවීමේ හැකියාවක් නොමැති බවත්  මෙහි  බැහැර කරනු ලබන කසල හේතුවෙන් ඩෙංගු බෝවන බවට කියන කතා කිසිදු සත්‍යතාවයක්  නොමැති බවද කොමසාරිස්වරයා කීය.

 



අදහස් (1)

මහනුවර කුණු තේක්කවත්තට

sarathekanaayaka Friday, 04 August 2017 01:26 AM

කොයි ඔය දානවා කියපු නීති. ප්ලාස්ටික් ,විදුරු,දිරන කඩදාසි, ඉක්මනින් දිරන කෑම වෙන්කරන නීති හදන්න පලාත්සභාවට මෙච්චර කල් ගතවෙන්නේ ඇයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site