IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මුහුදු ගමන් නැවතීමෙන් ඩෙල්ෆ් දූපතට ප්‍රශ්න පත්‍ර ගුවනින්

 

 

රොමේෂ් මධුෂංඛ

 

යාපනය දිස්ත්‍රික්කයට හැමූ සුළි සුළං තත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති අතරම මුහුදු රලුවීම හේතුවෙන් මුහුදු ගමන් නැවතීම නිසා ඩෙල්ෆ් දූපතට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් රැගෙන යාමට සිදුව ඇත.

ඊයේ (15) සවස ඇති වූ සුළි සුළං තත්වයක් හේතුවෙන් යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පිහිටි නිවාස 17 කට පමණ දැඩි හානි සිදුව ඇති බව යාපනය ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

සුළං හේතුවෙන් මුහුදු රලු වීම හේතුවෙන් යාපනයේ ධීවරයින් ඊයේ දිනය පුරා මුහුදු ගමන් වලින් වැළකී සිටි අතර දූපත් අතර සිදු වූ මුහුදු ගමන් ද සම්පූර්ණයෙන්ම නැවත්වීමට සිදු වී තිබිණි.

දූපත් අතර සිදුවූ මුහුදු ගමන් වැළකීම හේතුවෙන් මෙවර උසස්පෙළ විභාග මධ්‍යස්ථානයක් ඩෙල්ෆ් දූපතේ පිහිටා තිබූ බැවින් එහි සිසුන්ට ඊයේ ලබාදීමට තිබූ ප්‍රශ්න පත්‍ර ලබාදීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් යාපනය පළාත් අධ්‍යාපන බලධාරීන් ඒ බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය හරහා ගුවන් හමුදාවට අදාළ ගැටලුව දැනුම් දී ඇත.

පසුව ගුවන් හමුදාව විසින් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවකින් උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ඩෙල්ෆ් දූපතට රැගෙන ගොස් අධ්‍යාපන නිලධාරීන් වෙතට බාරදීමට පියවර ගෙන ඇති අතර සිසුන් ගැටලුවක් නොමැතිව විභාගයට පෙනී සිටි ඇත.

මේ අතර යාපනය කරෙයිනගර් හි සුළි සුළං හේතුවෙන් නිවාසවලට හානි වූ පවුල් වෙත තාවකාලික ටෙන්ට් ලබාදීමටත් අවශ්‍ය පහසුකම් සැපයීමටත් යාපනය ආපදා කළමනාකරණ ඒකකය විසින් පියවර ගනු ලැබීය.



අදහස් (0)

මුහුදු ගමන් නැවතීමෙන් ඩෙල්ෆ් දූපතට ප්‍රශ්න පත්‍ර ගුවනින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 114 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 360 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 373 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site