සිතුම් චතුරංග
වවුනියාව , මහකච්චකොඩිය ගම්මානයේ කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයකු හමුවීමත් සමඟ ඔහුගේ පවුලේ පිරිස ඇතුළු නවදෙනකු වවුනියාව පම්පමඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එම පිරිස අතර කුඩා දරුවන් සිව්දෙනකු හා වැඩිහිටි පුද්ගලයින් පස්දෙනකු වන බවද සඳහන් කළේය.
පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ මෙම පිරිස පි.සි.ආර් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත බවද පැවසීය.
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පසුගිය 21 වැනිදා නිවාඩුලබා පැමිණි වවුනියාව , මහකච්චකොඩිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබලෙකු හට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවීමත් සමඟ ඔහු ඇසුරුකළ හා ඔහුගේ පවුලේ පිරිස මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
648
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
313
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහකච්චකොඩිය පිරිසක් පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයට