IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මුව මස්තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(රෝවන් පෙරේරා)

අණ නොතකා ධාවනය කළ නවීන පන්නයේ මෝටර් රථයක් පසු පස හඹා ගිය කරුවලගස්වැව පොලීසියට කාර් රථය සහා එහි තිබූ මුව මස් කිලෝ 30 පමණ ප්‍රමාණයක් රියදුරු සමඟ අද( 21 ) පෙරවරුවේ අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
 
බුද්ධිදසුන්ගම ප්‍රදේශයේ සිට තබ්බෝව අභය භූමියෙන් දඬයම් කර මුවමස් ප්‍රවාහනය කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
 
සැකකරු කාර් රථය  බොරපතාව ප්‍රදේශයේ කැලයක් මැදින් ධාවනය කිරීමට යාමේදී මාර්ගය අවසන්වීම හේතුවෙන් පලායාමට නොහැකිවී ඇති අතර කාර් රථයේ සිටී දෙදෙනකු කැලයට පැන පලාගිය බව පොලීසිය පැවසීය.
 
අත් අඩංගුවට ගත් රියදුරු සහා ඔහුගේ බිරිඳ දරුවාද  කාර් රථයේ සිටී බව පොලීසිය පැවසීය.
 
තබ්බෝව අභය භූමියෙන් දඬයම් කරන සතුන්ගේ මස් විශාල මිල ගණන් වලට වෙන්නප්පුව ප්‍රදේශයට අලවි කරන බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
 
සැකකරු විදේශීය රටක නැවක සේවය කරමින් සිට ලංකාවට පැමිණ කොරෝනා වසංගතය නිසා නැවත විදෙස් ගතවීමට නොහැකිව තබ්බෝව අටේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකි.
 
සැකකරු කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රිවරියකගේ පුතෙකු බවට පොලීස් පරික්ෂණ වලදී තහවුරු වී ඇත.



අදහස් (0)

මුව මස්තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 95 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site