හැටන් රංජිත් රාජපක්‍ෂ     

මාවුස්සාකැලේ ජලාශ රක්‍ෂීතයේ අද (24) පස්වරුවේ හටගත් ගින්නෙන් එම රක්‍ෂිතයේ අක්කර දෙකකම පමණ කොටසක් සමිපුර්ණයෙන්ම ගිණි ගෙන විනාශවි ඇති බව මස්කෙළිය පොලිසිය කියයි.

එම ජලාශයේ මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයෙනුයි ගින්න හටගෙන තිබුණේ.

මේ දිනවල පවතින දැඩි වියළි කාළගුණයත් සමගම ඉලුක් සහිත එම රක්‍ෂිතයේ හටගත් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පැවතියා. පැතිර ගිය ගින්න මස්කෙළිය පොලිසියේ නිළධාරින් එක්ව නිවා දැමීය.

ජලාශය අවට සැරි සරන කිසියමි පිරිසක් ජලාශ රක්‍ෂිතයට ගිණි තබන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ.

මෙසේ ජලාශ  රක්‍ෂිත වලට ගිණී තබන අය වෙතොත්  ඒ පිළීබද දැනුමි දෙන ලෙස මස්කෙළිය පොලිසිය ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටියි.