IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මව්පියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක

(ශාන්ත ප්‍රදීප් කුමාර)

ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ පළමු ශ්‍රේණියට 2019 වසරේදී සිසුවියන් සිව්දෙනෙකු ඇතුළුත් කර නොගැනීමෙන් තමන්ට බලවත් අසාධාරණයක් වූ බව පවසමින් එම සිසුවියන්ගේ මා පියන් ඇතුළු පිරිසක් තෙවන වරටත් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (25) උද්ඝෝෂණයක් පැවැත්විණි.

පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට විරෝධතා පාඨ කියමින් පෙළපාලියකින්  අධ්‍යාපාන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාකරුවෝ පොලිසියේ අණ නොතකා අමාත්‍යාංශය ගේට්ටුව කඩා ඇතුල්වීමට උත්සහ කළ අතර එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හට ගැණිනි.

පොලිසිය මැදිහත්වී අසාධාරණයට ලක්වූ මා පියන් සිව්දෙනා ඇතුළු හය දෙනෙකුට ඇමැතිවරයාගේ ලේකම්වරයෙකු හමුවී සාකච්ඡා  කිරීමට අවස්ථාව සලසා දුන් අතර එහිදී සිසුවියන් සිව්දෙනා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට පියවර ගෙන තිබුණි.

ඒ පිළිබඳව ලිඛිත අවසරය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මා පියන්ට ලබා දී තිබුණි.

මෙම විරෝධතාවය අතර තුරදී පොලිස් නිලධාරියෙකු සිවිල් ඇඳුමින් සැරසී ඡායාරූප ගත් බව පවසමින් විරෝධතාකරුවෝ ඔහුට පහරදී කැමරුව උදුරාගත් ගැනීමට උත්සහ කළ අතර පොලිසිය මැදිහත්වී කලහකාරී ලෙස හැසිරුණ පිරිස විසුරුවැ හැරීහට කටයුතු කළහ.

පොලිස් කැරලි මර්ධන ඒකකය සහ ජල ප්‍රහාරක බවුසර් විරෝධතාව පැවැත්වෙන අවස්ථාවේ දී ඒ අසලට කැඳවා තිබුණි.

 



අදහස් (1)

මව්පියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක

sarath Tuesday, 26 February 2019 01:51 AM

එන්න එන්නම රට අගාධයට යනවා. කුඩු, කසිප්පුකාරයෝ දේශපාලකයෝ වෙලා පාර්ලිමේන්තුවට රිංගන 13 වෙනි සංශෝදනයෙන් පස්සේ මේක තවත් තීව්‍ර වුනා. සියලුම රාජ්‍ය සේවාවන් අගාධයට ගියා. බහුතර රාජ්‍ය සේවකයිනුත් වග කියන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1658 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1405 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site