IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාවනැල්ල ප්‍රා. සභා මන්ත්‍රීවරුන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්


 
(චමිල් රූපසිංහ)
 

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුලු මන්ත්‍රීවරු අද (13)  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ  මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ  පැමිණිල්ලක් ගොනු කළහ.

ප්‍රාදේශී සභා පනත අනුව දින නියම කරගත් මාසික මහා සභාවාරය සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම හා නීති රීති අනුව පසුගිය (10) දින පවත්වන විට මාවනැල්ල පොලිසිය පැමිණ එය නැවැත්වීම, පනතකින් තව පනතක් අභිබවා ගොස් අධිකරණය නොමග යවා පොලිසිය විසින් ගත් තීරණයක් බව සදහන් කරමින් ඔවුහු පැමිණිල්ල ගොනුකළහ.   

හුදකලා කර ඇති රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාවාරය සෞඛ්‍ය නීතිරීති වලට අනුව පැවැත්වූ  බවත් එම සභාවට එක නීතියක් හා මාවනැල්ල සභාවට එක නීතියක් ඇයිදැයි ප්‍රාදේශී සභාවේ සභාපති මන්දන කුමාර මහතා පැවැසීය.

ප්‍රාදේශීය සභා පනත අනුව සභාවේ මන්ත්‍රිවරුන් 40 දෙනා සහභාගීත්වයෙන් දින නියම කරගත් දිනයට සභාව පැවැත්විය යුතු බවත් එදින සභාවාරය සදහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 35 දෙනෙකු පැමිණි බවද ඔහු සදහන් කළේය.

නිරෝධායන නීති අනුව සභාපතිවරයා විසින් සභාව පැවැත්වු බවත්, පළාත් පාළන අමාත්‍යාංශයෙන් අනුමැතියද ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරිතුමාගෙන්ද අනුමැතිය ගෙන ඔහු කැදවු බවත්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැමිණ සිටි බවත්, දුරස්ථභාවය තබා කටයුතු කළ බවත්, එසේ තිබියදිත් මෙයට විරුද්ධව අධිකරණය නොමග යවා ඇති බවත්, මන්ත්‍රීවරුන් ලෙස අධිකරණයට නීතියට ගරු කරනු ලබන බවත් මෙම ප්‍රාදේශීය සභා පනත ලංකාවටම හදපු පනතක් බවත්, පනතකින් පනතක් අභිබවා පොලිසිය කටයුතු කර ඇති නිසා  මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් කළ බවත් ඔවුහු පැවසූහ.
 
මෙම අවස්ථාවට ජාතික ජනතා පක්ෂෙය් මාවනැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රි චන්දන රුවන් කුමාර දයාරත්න මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි කේ ජයන්ත මහතාද සහභාගි වූහ.



අදහස් (0)

මාවනැල්ල ප්‍රා. සභා මන්ත්‍රීවරුන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site