IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මවට සෙත පතා අමුතු තාලේ පින්කමක්

( පුෂ්පකුමාර මල්ලවආරච්චි)

විශ‍්‍රාමික පාඨශාලාචාර්යවරියකගේ සියවැනි ජන්ම දිනය නිමිත්තෙන් දරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඥාතීන් සංවිධාන කළ භික්ෂූන්වහන්සේ 120 නමකට පිණ්ඩපාත දාන පින්කමකට එම මවගේ පාසල් මිතුරකු වූ සියවසක් දිවි ගෙවූ මහා සංඝයා වහන්සේ නමක්ද සහභාගිවීමේ දුර්ලභ අවස්ථාවක්  පස්යාල වෙදගම ගම්මානයේදී දැකගත හැකිවිය.

සියවැනි විය සපිරූ ගාල්ල වලහන්¥ව රාජමහා විහාරාධිපති කලල්පිටියේ පේමාලෝක නාහිමියන්  වැඩම කළ මේ පිංකම දා සියවැනි ජන්ම දිනය සැමරුවේ පස්යාල වෙදගම පදිංචි ශී‍්‍රයාලතා පතිරත්න මහත්මිය යි. 

පේමාලෝක නාහිමියන් හා ශි‍්‍රයාලතා මහත්මිය කුඩා කල පස්යාල විදුහලේ ඉගෙනුම ලබා ඇත්තේ එකම පන්තියේය. පාසල් දිවියෙන් අනතරුව 1940 දී ගුරු පත්වීමක් ලබා ඇති ශි‍්‍රයාලතා මහත්මිය කිවුලේවාඩිය පාසලේ සේවය කර ඇත. බදුල්ල මීගහකිවුල, කුරුණෑගල ගොන්නගමුව, මීරිගම හාපිටිගම, ගම්පහ පරාක‍්‍රම විදුහල ඇතුළු පාසල් ගණනාවක සේවය කර ඇති ඇය අවසානයේ තමන් අධ්‍යාපනය ලැබූ පස්යාල මහ විදුහලේද සේවය කර ඇත. ඉන් පසු උසස් වීමක් ලැබ ගුරු විද්‍යාලයේ සේවයට ගිය ඇය වසර තිස්තුනක සේවා කාලය අවසානයේ 1973 දී වි‍ශ‍්‍රාම ලබා ඇත.

ශ්‍රියාලතා මහත්මිය විවාහ වී ඇත්තේ 1944 වසරේදීය. මේ යුවළට පුතුන් දෙදෙනෙකු හා දියණියන් තිදෙනකු සිට ඇති අතර බාල පුතු හදිසියේ මිය ගොස් තිබේ. ඇයට මුනුබුරු මිනිබිරියන් 14 දෙනෙකි.

සැමියා අහිමි වීමෙන් පසු දරුවන් සමග දිවි ගෙවන ඇය කියන්නේ වයසේ හැටියට ලෙඩ දුක් පමණක් තමන්ට ඇති බවයි. ආගමට දහමට මුල් තැන දී දිවිය පුරා පස් පවෙන් වැළකී කටයුතු කිරීම නිසාත්  තමන්ගේ දිවිය මෙතරම් සැපවත්වූ බව ඇගේ අදහසයි. මස් මාළු ආදියෙන් වැළකී දිවි ගෙවූ බවද ඇය පැවසුවාය.

‘‘ඒ කාලෙ ළමයි ගුරුවරුන්ට සැලකුවා. දැන් ළමයින් එහෙම නැහැ.  ගුරු ගෞරවය අඩුයි. සමාජ තත්ත්වය එහෙමයි. අද කවුරුත් පවට බය නැහැ‘‘ ඇය කීවේ  එදා මෙදාතුර වෙනස පැහැදිලි කරමිනි.

අනුශාසනාව කළ පස්යාල කලල්පිටිය ධාතුකන්ද රාජ මහා විහාරාධිපති කලටුවාවේ පඥ්ඥාසාර නාහිමියෝ මේ වැදගත් අවස්ථාව සදහා ගුරුතුමියගේ පාසල් මිතුරාවූ පේමාලෝක නාහිමියන්ද සම්බන්ධ කර ගැනීමෙන් දෙදෙනාටම ආශිර්වාද කරන්නට ලැබීම මහත් භාග්‍යයක් බව අනුශාසනාවේදී පැවසූහ.

ඥාතී හිතවතුන් දන් බෙදීමේ නිරතවූ අතර ශි‍්‍රයාලතා මහත්මිය පාසල් මිතුරාවූ කලල්පිටියේ පේමාලෝක නාහිමියන් ඇතුළු මහ සගරුවනට දන් බෙදීමට එක්වූයේ මහත් සතුටු සිතිනි.



අදහස් (2)

මවට සෙත පතා අමුතු තාලේ පින්කමක්

රෝහණ Friday, 22 September 2017 04:36 AM

(දෙ)සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!

:       0       170

SAMAN Saturday, 23 September 2017 04:22 AM

ගරු ස්වාමීන් වහන්සේටත්, ගරු මෑණියන්ටත් තෙරුවන් සරණින් දිගාසිරි පතමි.

:       0       80

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site